උඩරට දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීමෙන් දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීමෙන් දුම්රිය ධාවනයට බාධා

අධික සුළං තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ඉගුරුඔය සහ ගලබඩ දුම්රිය ස්ථාන දෙක අතර පෙන්රෝස් දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයට ස්ථාන කිහිපයකින්ම ගස් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට අද (23) දින අලුයම සිට බාධා පැමිණ තිබේ.

දුම්රිය මාර්ගය කඩා වැටී ඇති ගස කපා ඉවත් කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, දුම්රිය මාර්ගයට කඩා වැටුණු ගස් කපා ඉවත් කරන තෙක් නානුඔය සිට කොළඹ දක්වා ධාවනය කල ටිකිරි මැණිකේ දුම්රිය මේ වන විට හැටන් දුම්රිය ස්ථානයේ නතර කර ඇති බවයි, අප වාර්තා කරු සඳහන් කළේ.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව ප්‍රමාදවිය හැකි බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

Share This