දුම්රිය භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළට

දුම්රිය භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළට

දුම්රියෙන් ප්‍රවාහනය කරන භාණ්ඩ සඳහා අය කරනු ලබන ගාස්තුව පෙබරවාරි 01වැනිදා සිට ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

ඒ අනුව, අංක 2367/12 හා 2024 .01.18 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පාර්සල් හා බඩු ප්‍රවාහන ගාස්තු ද ඒවාට අදාළ අනෙකුත් රෙගුලාසි සඳහා වන ගාස්තු ද සංශෝධනය කර ඇති බව සඳහන්.

එම ගැසට් නිවේදනය අනුව, පාර්සල් ප්‍රවාහන කරන විට දී ප්‍රවාහන ගාස්තුවට අමතරව පාර්සලයේ වටිනාකම මත ද තවත් ගාස්තුවක් අය කිරීමට කටයුතු කර තිබේ.

ලොතරැයි ටිකට්, බෙහෙත් ද්‍රව්‍ය, ටයර්, වීදුරු, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා 0 සිට රුපියල් 1000.00 දක්වා වටිනාකම් ප්‍රතිශතයක් දක්වා නැහැ.

එමෙන්ම රුපියල් 1000.00 සිට 5000.00 දක්වා වටිනාකම් ප්‍රතිශතය 1.5% ක් වන අතර රුපියල් 5000.00 සිට 10,000.00 දක්වා වටිනාකම් ප්‍රතිශතය 2.25%ක් වේ.

මීට අමතරව පාර්සලයේ වටිනාකම රුපියල් 10,000.00 සිට 20,000.00 දක්වා වටිනාකම් ප්‍රතිශතය 3% ක් අය කෙරෙන අතර රුපියල් 20,000.00 ට වැඩි පාර්සල් වෙනුවෙන් 4.5 % ක ප්‍රතිශතය දක්වා තිබේ.

කෙසේ වෙතත්, ලොතරැයි ටිකට්, බෙහෙත් ද්‍රව්‍ය, ටයර්, වීදුරු, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණවලට අයත් නොවන වටිනාකම රුපියල් 10000.00ට වැඩි අනෙකුත් සියලුම පාර්සල් සඳහා වටිනාකමෙන් 0.5 % ක ප්‍රතිශතයක් අය කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එම ගාස්තු සංශෝධනය මෙතැනින්

Share This