පොලීසිය නෑ කියලා මාර්ග නීති කැඩුවොත් සඳුදා ඉඳන් වෙන දේ මෙන්න

පොලීසිය නෑ කියලා මාර්ග නීති කැඩුවොත් සඳුදා ඉඳන් වෙන දේ මෙන්න

මාර්ග නීති කඩ කරන රියදුරන් හඳුනා ගැනීමේ විශේෂ වැඩසටහන ජනවාරි 22 වැනි දා සිට ආරම්භ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ඒ යටතේ, කොළඹ නගර සීමාව තුළ සවිකර ඇති සීසීටීවී කැමරා පද්ධති මගින් රථවාහන වැරදි හඳුනාගෙන රියදුරන්ට දඩ කොළ නිකුත් කිරීමට නියමිතය.

ඒ අනුව, රථවාහන වැරදිකරුවන් හඳුනාගෙන, දඩ පත්‍රිකා වාහනයේ ලියාපදිංචි හිමිකරුගේ ළඟම ඇති පොලිස් ස්ථානය වෙත යැවීමට නියමිතය.

මෙම ක්‍රමවේදය, රථවාහන පොලිස් නිලධාරියෙකු නිරීක්ෂණය කර රථවාහන වැරදි සොයාගන්නවට වඩා 300 ගුණයකින් කාර්යක්ෂම බව වැඩ බලන පොලිස්පතිවරයා පැවසීය.

පිට පළාතක සිට කොළඹට පැමිණි අයෙක් රථ වාහන වරදකට හසුවී නම් පොලිසිය මගින් නිකුත් කරන කුවිතාන්සිය ඔහුගේ නිවසට පැමිණෙන අතර දඩ මුදල ගෙවීමෙන් පසු ළඟම ඇති පොලිසියෙන් රියදුරු බලපතල ලබා ගත හැකි බවත් වැඩ බලන පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

Share This