වහාම සේවයට එන්න – දුම්රිය දෙපාර්තමේන්තුව අවසන් නිවේදනයත් නිකුත්කරයි

වහාම සේවයට එන්න – දුම්රිය දෙපාර්තමේන්තුව අවසන් නිවේදනයත් නිකුත්කරයි

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත්කර ඇති හෙයින් අද (10) මධ්‍යාහ්න 12ට පෙර තම දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන් රාජකාරියට වාර්තා කළ යුතු බව වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එස්. මුදලිගේ මහතා අවසන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේ නොකරන වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවය හැරගියා සේ සලකන බවද ඔහු එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.

මේ අතර ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සහය දීමට උප දුම්රිය ස්ථානාධිපති සංගමය ද තිරණයකර තිබේ.

ශ්‍රී ලංකාව පුරා උප දුම්රිය ස්ථාන 172 ක් ඇති අතර ඒ අනුව, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට තවත් බලපෑම් සිදුවනු ඇති බවයි වාර්තා වෙන්නේ.