උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වෙයි

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වෙයි

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය වටවල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.

අද (28) උදැසන 11 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් දුම්රියේ ඉදිරිපස එන්ජිමේ රෝද කිහිපයක් පිලි පැන ඇති බවයි වාර්තා වන්නේ.

පීලි පැනීමට ලක් වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් විසින් ආරම්භ කර ඇති බවයි, දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.

Share This