ටොනේඩෝවකින් හලාවත විදුහලකට දැඩි හානි

ටොනේඩෝවකින් හලාවත විදුහලකට දැඩි හානි

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි වාර්තා වේ.

පාසලේ ඇස්බැස්ටෝස් හා උළු සෙවිලි කර තිබු ගොඩනැගිලි කිපයක වහලය මෙලෙස සුළගට ගසා ගෙන ගොස් හානි සිදුව තිබේ.

සුළග සමග ආ වැස්ස නිසා පංති වලට වැසි වතුර ගලා එමෙන් පරිගණක ඒකකයටද හානි සිදුව ඇති බවයි පැවසෙන්නේ.

ඊයේ (29 ) ඉරු දිනයක් විම නිසා කිසිවකුටත් හානියක් සිදුව නොමැති බවත් පාසලේ සෙවිලි කර තිබු ඇස්බැස්ටෝස් තහඩු මිටර් 50කට වැඩි දුරකින් වු කරුකුපනේ කලපුවට විසිවි ගොස් තිබු බවද කියයි.

පාසලේ විදුහල්පති අසිත ඒකනායක මහතා පවසා සිටියේ මේ හානිය පිළිබදව ඉහල බළධාරීන් දැනුවත් කර ඇති බවයි.

ඒ සමගම නැවත වහලය සකසා ගැනිමට විශාල මුදලක් වැය කිරීමට සිදුවනු ඇතැයිද විදුහල්පතිවරයා පැවසීය.