‘Titanic’ – ‘Avatar’ චිත්‍රපට නිපදවූ ලෝක ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක ‘ජොන් ලැන්ඩව්’ දිවියෙන් සමුගනී

‘Titanic’ – ‘Avatar’ චිත්‍රපට නිපදවූ ලෝක ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක ‘ජොන් ලැන්ඩව්’ දිවියෙන් සමුගනී

ලොව මෙතෙක් වැඩිම ආදායමක් ඉපැයූ ‘ටයිටැනික්’ සහ ‘අවටාර්’ යන චිත්‍රපට වල නිෂ්පාදකයා වූ ඔස්කාර් සම්මානලාභී Jon Landau අභාවප්‍රාප්ත වී තිබේ.

මාස 16ක පමණ කාලයක් පිළිකා රෝගයෙන් පෙලුණු ඔහු මියයන විට ඔහු 63 වන වියේ පසුවිය.

1960 වසරේ ජූලි 23 වන දින නිව් යෝර්ක් හි දී උපත ලද ලැන්ඩෝ හොලිවුඩ් නිෂ්පාදකයින් වන එලී සහ එඩී ලැන්ඩෝගේ පුත්‍රයා වූ අතර කලක් චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන 20th Century Foxහි විධායකයෙකු ලෙසද කටයුතු කර තිබේ.

ජොන් ලැන්ඩෝ ජූලි ලැන්ඩෝ සමඟ විවාහ වී සිටි අතර ඔවුන්ට ජේමි සහ ජෝඩි නමින් පුතින් දෙදෙනෙක් ද සිටී.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් සොයුරිය වන ටීනා පවසා ඇත්තේ “ගැහැණු ළමයෙකුට හිමිවිය යුතු හොඳම සහෝදරයා.” ඔහු බවයි.