
ටිරාන් අලස් CID යට
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (31) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසල දී සිදුවූ වෙඩි තැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ටිරාන් අලස් මහතාව මෙලෙස කැඳවා තිබුණි.