ටිපර් රථයක් අඩි 150ක් පමණ ප්‍රපාතයකට පෙරලෙයි
මස්කෙලිය සිට හගුරන්කෙත දක්වා ධාවනය වු ටිපර් රථයක් අඩි 150 ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් ටිපර් රථයේ රියදුරා සහ රිය සහයකයා බරපතල තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත අද (13) දින ඇතුලත් කල බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසීය.
නල්ලතන්නිය සිට මවුස්සාකැලේ මංසන්ධිය දක්වා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ සංවර්ධන ව්‍යාපෘතියට ගම්පොල සිට මිශ්‍ර කරන ලද කාපට් ප්‍රවාහනය කර ආපසු ටිපර් රථය හගුරන්කෙත දක්වා ධාවනය කරන අවස්තාවේ අද අලුයම 3.30 ට පමණ නෝටන්බ්‍රිජ් ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ ටැප්ලෝ හුලං වංගුව ප්‍රදේශයේදී මාර්ගයෙන් පිටතට පැන ටිපර් රථය ප්‍රපාතයට පෙරලී ඇත.
රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරෙන් ටිපර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි, අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නෝටන්බ්‍රිජ් පොලිසිය කියා සිටියේ.
ටිපර් රථය අනතුරට පත් වූ ස්ථානයේම ඉකුත් වසරේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් බස් රථයේ ගමන් ගත් වන්දනාකරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවද නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසීය.