ටයිල් ලොරිය පෙරලී බිහිසුණු අනතුරක්
කොළඹ සිට බදුල්ල බලා ටයිල් ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අද (23) උදෑසන දෙමෝදර මංසන්ධියේ වංගුව අසලදී මාර්ගය හරහා පෙරලීයාමෙන් රියදුරු සහ රියසහයක සුලු තුවාල ලබා තිබේ.
ලොරි රථයේ තිරිංග ක්රියාවිරහිත වීම නිසා මෙසේ වංගුව ගැනීමේදී පෙරලී අනතුරට ලක්ව ඇති බවටයි, වාර්තා වෙන්නේ.
අනතුරින් ලොරියේ පටවා තිබූ ටයිල් කැට කැඩී විනාශ වී ඇති අතර ලොරියටද දැඩි ලෙස අලාභ හානි වී ඇතැයි ඇල්ල පොලිසිය සදහන් කළේය.
ලොරියේ පටවා තිබූ ටයිල් කැට මාර්ගය පුරා විසිරී ගොස් ඇති අතර, ටයිල් කැට විසිවී ගොස් දෙමෝදර ස්ප්රීංවැලි මාර්ගයේ දෙමෝදර මංසන්ධිය අසල ත්රීරෝද රථ ගාලේ නවතා තිබූ ත්රීරෝද රථ වලට වැදී ත්රීරෝද රථ කීපයකට අලාභහානි වී ඇති බවත් පොලිසිය පැවසීය.
මේ හේතුවෙන් මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන තිබිණ.
මාර්ගය පුරා විසිරි තිබෙන කැඩී ගිය ටයිල් කැබලි හා පෙරලුන වාහනය ඉවත් කිරීමට පැය කිහිපයක් ගතවන බව ඇල්ල පොලිසිය කියයි.
ඇල්ල පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.