තිහගොඩ මාරක රිය අනතුරකින් එක් අයෙක් මරුට

තිහගොඩ මාරක රිය අනතුරකින් එක් අයෙක් මරුට

තිහගොඩ පොලිස් වසමේ හක්මන – මාතර ප්‍රධාන මාර්ගයේ පුහුල්වැල්ල ප්‍රදේශයේ ඊයේ (18) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 54ක් වන තිහගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හක්මන දෙස සිට මාතර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරලී ගොස් විරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් මගීන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් මගියෙක් මියගොස් ඇත.

තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු, යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය පුහුල්වැල්ල රෝහලට ඇතුලත් කළ බව පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධව තිහගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.