තුම්මෝදර බිහිසුණු අනතුරක් – අයෙක් මරුට

තුම්මෝදර බිහිසුණු අනතුරක් – අයෙක් මරුට

අවිස්සාවේල්ල පුවක්පිටිය – තුම්මෝදර මාර්ගයේ ඉළුක්පිටිය ප්‍රදේශයේ දී සිමෙන්ති පැටවූ ලොරි රථයක් සහ යතුරු පැදියක් ගැටී අද (29) සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු බවයි, පොලීසිය පැවසුවේ.

අනතුරින් යතුරුපැදියේ ගමන් කළ තවත් පොලිස් නිලධාරියෙකු, ලොරි රථයේ රියදුරු සහ සහායකයා තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි හංවැල්ල පොලිසිය පැවසීය.

තුම්මෝදර සිට අවිස්සාවේල්ල දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මිරිස්කුඩු වංගුව නමැති ප්‍රදේශයේ දී රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිණි යතුරු පැදියේ ගැටී ඇලට පෙරලී යෑමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය පැවසීය.