ඌව වෙල්ලස්ස සටනට භාවිත කළ තවමත් වෙඩි පත්තුවෙන කාලතුවක්කුව

ඌව වෙල්ලස්ස සටනට භාවිත කළ තවමත් වෙඩි පත්තුවෙන කාලතුවක්කුව

1818 ඌව වෙල්ලස්ස කැරැල්ලේ දී භාවිත කළ ලෝහමය කාල තුවක්කුවකට වසර 205කට පසු නැවත වෙඩි බෙහෙත් පුරවා වෙඩි පත්තුකර එය මහජන ප්‍රදර්ශනය සදහා ස්මාරකයක තැම්පත් කිරීමට බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පසුගියදා කටයුතු කර තිබේ.

ඌව වෙල්ලස්ස සටනේදි භාවිතයට ගත් වටිනා ලෝහමය කාල තුවක්කු තුනක් මෙයට වසර හතකට පමණ පෙර බිබිල හෙවෙල්වෙල ප්‍රදේශයේ ළදු කැළැවත තිබී හමුවීමෙන් පසු එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙනවිත් තිබියදි පසුගියදා ඌව වෙල්ලස්ස කැරැල්ල සිහිකිරීම සදහා ස්මාරකයක් ඉදිකර එහි තැම්පත් කිර තිබේ.

බිබිල ප්‍රාදේශිය ලේකම් කපිල බංඩාර මහතාගේ සංකල්පයක් මත ඉදිකළ ස්මාරකයකයේ තැබු කාළතුවක්කුවෙන් වෙඩිල්ලක් දල්වා එය මහජන ප්‍රදර්ශනයට නිරාවරණය කිරීම මොණරාගල දිස්ත්‍රික් ලේකම් පසන් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

Share This