තරුෂි කරුණාරත්න සහ කාලිංග කුමාර දිවයිනට

තරුෂි කරුණාරත්න සහ කාලිංග කුමාර දිවයිනට

ස්පාඤ්ඤයේ පැවති ජාත්‍යන්තර ආරාධිත මළළ ක්‍රීඩා තරගාවලියේ දී පදක්කම් ලැබූ තරුෂි කරුණාරත්න සහ කාලිංග කුමාර අද උදෑසන කටුනායක ගුවන් තොටුපළින් ලංකාවට පැමිණියහ

ස්පාඤ්ඤයේ ” බිල්බාවෝ ” නුවර ඉකුත් 18 වැනිදා සිට පැවැත් වූ මීටර් 600 ධාවන ඉසව්ව සදහා සහභාගී වූ තරුෂි කරුණාරත්න විනාඩි 01.24.84 ක කාලයකින් මෙම තරගය නිම කර රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය

මෙම කාලය මෙතෙක් ආසියාවේ මෙම තරග ඉසව්ව සදහා වාර්තා වී ඇති හොදම කාලය වන අතර මෙම ජයග්‍රහණයත් සමග තරුෂි කරුණාරත්න ලෝක ශ්‍රේණි ගත කිරීම් වල 45 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ සිටියි.

ඔලිම්පික් තරඟ සහභාගී වීමට ලෝක ශ්‍රේණි ගත කිරීම් වල 48 ස්ථානය දක්වා අවස්ථාව හිමි වන අතර තරුෂි කරුණාරත්න ඒ අනුව ඔලිම්පික් පරිසාදන මට්ටම පසු කර ඇති බව ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

එසේම මෙම තරගාවලියේ දී මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව සදහා සහභාගී වූ කාලිංග කුමාර එම ඉසව්ව තත්පර 45.91 කින් නිමා කර එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි .

මෙම ජයග්‍රහණයත් සමග කාලිංග කුමාර ලෝක ශ්‍රේණි ගත කිරීම් වල 53 වන ස්ථානය කරා ලගා වී තිබේ .

20240620 103340 scaled

20240620 103610 scaled

20240620 103711 scaled