තර්ජනී යුග දිවියට

තර්ජනී යුග දිවියට

ආසියාවේ උසම දැල්පන්දු ක්‍රීඩිකාව වන ශ්‍රී ලංකාවේ තර්ජනි සිවලිංගම් ඊයේ (17) විවාහ දිවියට පිවිසියාය.

තර්ජනි අඩි 6යි අගල් 9ක් උස වන අතර, ඇය දැල්පන්දු පිටියේ උසම ක්‍රීඩිකාව ලෙස හඳුන්වනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දැල්පන්දු ලෝක කුසලාන තරගාවලි 4ක් නියෝජනය කිරීමට සමත්වු තර්ජනී ආසියානු දැල්පන්දු තරගාවලි 5ක දි ශ්‍රී ලංකාව නියෝජනය කළාය.

තර්ජනී පසුගිය දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියෙන් පසු දැල්පන්දු පිටියට සමු දුන්නා.

2019 දැල්පන්දු ලෝක කුසලානයට සහභාගීවනවිට තර්ජනීට වයස අවුරුදු 40ක්වූ අතර දැල්පන්දු ලෝක කුසලාන තරගයක් වෙනුවෙන් ක්‍රීඩා කළ වයස්ගතම ක්‍රීඩිකාව බවට ඇය පත්වුණි.