තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අද සහ හෙට අවස්ථාව

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අද සහ හෙට අවස්ථාව

පසුගිය දිනවල තැපැල් ඡන්දය භාවිතා කිරීමට නොහැකි වු පිරිස් සඳහා අද (11) සහ හෙට (12) තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී උදේ 9.00 ත් සවස 4.00 අතර කාලය තුලදි තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු පසුගිය 04 වන දින ආරම්භ විය.

මේ අනුව, එදින සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, මැතිවරණ කාර්යාලවල පොලිස් දෙපාර්තමේන්තුවේ ආයතන තුල තැපැල් ඡන්ද සලකුණු කිරිම සිදුවිය.

04 වන දිනයේදි තැපැල් ඡන්දය භාවිතා කිරීමට නොහැකිවු පිරිස්වලට 6 වන දින ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබුණි.

අනෙකුත් රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්දය හිමි පිරිස් සදහා ඡන්දය සලකුණු කිරීම 05 සහ 06 යන දිනවල සිදුකරණූ ලැබිණි.

තැපැල් ඡන්දය සලකුණු කිරීම පිලිබදව හෝ තැපැල් ඡන්දය විමසන ස්ථාන හා පරිශ්‍ර ඡයාරුපගත කිරීම හා වීඩියෝගත කිරීම තහනම් බවත් අදල ස්ථානවල අපේක්ෂකයාගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීම සදහා පත්‍රිකා බෙදා හැරීම සලකුණූ ප්‍රදර්ශනය කිරීමට නොහැකි බවද පෙන්වා දෙයි.

ලකුණූ කරන ලද ඡන්ද පත්‍රිකාවක් ප්‍රදර්ශනය කිරීම තහනම් ක්‍රියාවක් බවත් එවැනි වරදකට අවුරුදු දෙකක් බන්ධනාගාර ගත කල හැකි බවද පෙන්වා දෙයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දදායකයින් 712, 319 දෙනෙකු සුදුසුකම් ලබා සිටින අතර වැඩිම තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාවක් වන 76,977 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් ලබා සිටී.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු මේ දිනවල සිදුකරමින් තිබෙන අතර එම කටයුතු මේ මස 14 වන දින දක්වා සිදුකෙරේ.

එදිනෙන් පසු ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාල තැපැල් කාර්යාලට ගොස් අනන්‍යතාවය ප්‍රකාශ කිරීමෙන් පසු නිලඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.