2024 තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ප්‍රකාශයට පත් කෙරේ

2024 තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ප්‍රකාශයට පත් කෙරේ

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අගෝස්තු මස 05 වනදායින් අවසන් වන බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් ද එහි සඳහන් කර ඇති අතර එහි දැක්වෙන්නේ ව්‍යාජ ප්‍රචාරවලට හසු නොවී මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ තමන්ගේ ලියාපදිංචියට අදාළ තොරතුරු අනුව කටයුතු කරන ලෙසය.

විවිධ අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන දැන්වීම් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නොමැති අතර එහි සඳහන් තොරතුරු අසත්‍ය සහ ජනතාව නොමග යවන සුළු ප්‍රචාරයන් බවද එම නිවේදනයේ දැක්වේ.