
සිරුරට ගිනි ඇවිලී ස.ප්‍රාදේශීය ලේකම් මරුට – මිය යන විට ඇය හයමස් ගැබිණියක්!
යාපනය චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් තමිලිනී සදීසන් ඇගේ නිවසේදී ඇති වූ ගිනිගැනීමක් හේතුවෙන් බරපතල පිලිසුම් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසුව ඊයේ (16) දින මියගොස් තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වී ඇත්තේ, ඇය සිරුරට ගිනි තබාගෙන මියගොස් ඇති බවය.
සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය රෝහල්ගත කරන විට සයමස් ගැබිනියක්ව සිටි හෙයින් දරුවා බේරා ගැනීමට රෝහල් වෛද්‍යවරුන් විසින් දැඩි පරිශ්‍රමයක් දැරුවද දෙදෙනාගේම ජීවිත බේරාගැනීමට නොහැකි වූ බවට රෝහල් වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.
මිය ගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සැමියා විසින් පොලීසියට පවසා ඇත්තේ, සිය බිරිඳ කාමරයක් තුල ඉටිපන්දමක් හෝ යමක් දැල්වීමට ගත් උත්සහයකදී ඇගේ සිරුරට ගිනි ඇවිලීමෙන් ඇය රෝහල්ගත කල බවටය.
මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සැමියා යාපනයේ කෝපායී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරියෙකු වන අතර ඔවුන්ට අවුරුදු හයක දියණියක් ද සිටියි.
යාපනයේ නීර්වේලි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36 ක් වූ මෙම නිලධාරිනිය සිය සේවාව දැඩි කැපවීමකින් ඉටු කළ නිලධාරිනියක වශයෙන් ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටි නිලධාරිනියකි.
ඇයගේ මරණය සම්බන්ධයෙන් යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රේම්කුමාර් නාමශිවායම් විසින් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය වී ඇත්තේ, ඇය මාස හයක ගැබිණි කාන්තාවක් බවත්, මවත් කුසේ වූ දරු කලලයත් මියගොස් ඇත්තේ, අධික ලෙස රශ්මියට පත් වී ඇති වූ අභ්‍යන්තර රුධිර වහනයකින් හා දැඩි කම්පනයකින් බවයි.
ඉදිරිපත් වූ සාක්කි වලට අනුව මෙම මරණය සිය දිවි හානි කර ගැනීමක් ලෙස යාපනය රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්.ජෙයබාලන් තීරණය කර ඇත.
මියගිය අයගේ මළ සිරුර ආදාහනය නොකොට යළි ගොඩ ගැනීමකට අවශ්‍ය වුවහොත් එය සිදු කිරීමට හැකි පරිදි වෙනම ස්ථානයක මිහිදන් කරන ලෙසටද නියෝග කර තිබේ.