තමීම් ඉක්බාල්ට හෘදයාබාධයක්

තමීම් ඉක්බාල්ට හෘදයාබාධයක්

බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක තමීම් ඉක්බාල් හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (24) පැවති තරගයක් අතරතුරදී ඉක්බාල්ට පපුවේ වේදනාවක් ඇති වී ඇති අතර, පසුව ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

ඔහු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහුගේ හදවතේ අවහිර වූ කිරීටක ධමනි විවෘතව තබා ගැනීමට සහ නිසි රුධිර ප්‍රවාහයක් සහතික කිරීම සඳහා තමීම් හදිසි සැත්කමකටද භාජනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.