අධිකරණයට රහස් ප්‍රකාශයක් දුන් තාඹුගලට මරණ තර්ජන

අධිකරණයට රහස් ප්‍රකාශයක් දුන් තාඹුගලට මරණ තර්ජන

රහස් පොලිසියට එරෙහිව පැය දහයක රහස් ප්‍රකාශයක් මහේස්ත්‍රාත්වරයා හමුවේ ලබා දුන් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගලට ඇතැයි කියන ජීවිත තර්ජන සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීම ලබන 10 දින සිදුකරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය අද (03) දන්වා සිටියාය.

සැකකාර තාඹුගල මහතාට හා ඔහුගේ බිරිඳට මෙම තර්ජන එල්ල වී ඇති බවට නීතිඥ උපාලි ජයමාන්න මහතා මගින් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ සුදුසු නියෝගයක් කිරීමට දින ලබා දුන්නාය.

හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන හැත්තෑවක් (කෝටි හතක්) වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැරි තාඹුගල සිය නීතිඥ උපාලි ජයමාන්න මහතා මගින් අධිකරණයට කැරුණු ඉදිරිපත් කරමින් තම සාක්ෂිකරුවන්ටද ජීවිත තර්ජන එල්ලවී ඇති බවත්, සාක්ෂිකරුවන් මේ වන විට විදේශගත වී ඇති බවත් සඳහන් කළේය.

Share This