තාඹුගලගේ නඩුව කල්යයි

තාඹුගලගේ නඩුව කල්යයි

රුපියල් කෝටි 7කට ආසන්න මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් නම් කර සිටින ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතා විසින් රහස්‍ය ප්‍රකාශයක් සිදුකිරීමට සූදානම් බවට කළ ඉල්ලීමකට අනුව එය ලබන 18 වැනිදා සිදුකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

මෙම පැමිණිල්ල අද (13) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අතර එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ නොසිටියේය.

ඒ අනුව, තමන්ට මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ රහස්‍ය ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍ය බවට සැකකරු විසින් සිදුකර තිබෙන ඉල්ලීම මීළඟ නඩු දිනයේ ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.