තලතා වෙනුවට කරුණාරත්න පරණවිතානගේ නම ගැසට් කරයි

තලතා වෙනුවට කරුණාරත්න පරණවිතානගේ නම ගැසට් කරයි

පුරප්පාඩු වී පවතින සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කරුණාරත්න පරණවිතාන මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබේ.

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මියගේ ඉල්ලා අස්වීම හේතුවෙන් එම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩුව පැවතුණි.

මන්ත්‍රීවරිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව පසුගිය අගෝස්තු 21 වනදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

අභාවප්‍රාප්ත එජාප දේශපාලඥ ගාමිණී අතුකෝරලගේ සොහොයුරිය වන තලතා අතුකෝරල 2004 දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසි අතර 2010, 2015, සහ 2020 මහ මැතිවරණවලින් නැවත තේරී පත්වුණි.