තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයට සහභාගී වන කණ්ඩායම

තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයට සහභාගී වන කණ්ඩායම

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (06) ආරම්භ වීමට නියමිත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.

ඒ සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රබාත් ජයසූරිය නම් කර නොමැති අතර ඔහු වෙනුවට විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබේ.

එසේම නිශාන් මදුෂ්ක වෙනුවට කුසල් මෙන්ඩිස් ව කණ්ඩායම ට නම්කර තිබේ.

තෙවැනි ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම

1. දිමුත් කරුණාරත්න

2. පැතුම් නිශ්ශංක

3. කුසල් මෙන්ඩිස්

4. ඇන්ජලෝ මැතිව්ස්

5. දිනේෂ් චන්දිමාල්

6. ධනංජය ද සිල්වා (නායක)

7. කමිඳු මෙන්ඩිස්

8. මිලාන් රත්නායක

9. විශ්ව ප්‍රනාන්දු

10. ලහිරු කුමාර

11. අසිත ප්‍රනාන්දු