දකුණු ආසියානු ටෙනිස් අනුශුරයෝ දිවයිනට

දකුණු ආසියානු ටෙනිස් අනුශුරයෝ දිවයිනට

නේපාලයේ පැවති දකුණු ආසියානු ටෙනිස් ශූරතා තරගාවලියට සහභාගී වූ වයස අවුරුදු 12 න් පහළ ශ්‍රී ලංකා කාන්තා ටෙනිස් කණ්ඩායම එහි අනුශූරතාවය දිනා ගනිමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය ඉකුත් 20 දින සිට 24 දින දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර පවත්වා තිබුණි .

මෙසේ මෙම තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩිකාවන් පිරිස එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ආසියානු ටෙනිස් ශූරතා තරගාවලිය සදහා සුදුසුකම් හිමි කර ගෙන තිබේ .

එමෙන්ම මෙම තරගාවලියට සහභාගී වූ වයස අවුරුදු 12 න් පහළ පිරිමි ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේදෙමාපියන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .

Share This