බස්නාහිර පළාතේ ගුරුවරුන්ට තහනමක්

බස්නාහිර පළාතේ ගුරුවරුන්ට තහනමක්

බස්නාහිර පළාතේ ගුරුවරුන්ට තම පාසලේ ඉගෙනුම ලබන සිසුන් සඳහා පාසල් වේලාව තුළ, පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත දිනවල මෙන්ම රජයේ නිවාඩු දිනවල මුදල් අයකර අමතර පංති පැවැත්වීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ, බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් කේ. ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ මහත්මියගේ අත්සනින්.

බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යක්ෂකවරුන්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක සහ සියලු විදුහල්පතිවරුන් වෙනුවෙන් එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

පළාතේ ඇතැම් ගුරුවරුන්, තම පාසලේ සිසුන්ට බාහිර ස්ථාන වලදී මුදල් අය කර අමතර පන්ති පවත්වන බවට තොරතුරු වාර්තා වී ඇතැයි, බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් නිශාන්ති ජයසිංහ මහත්මිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

පෞද්ගලික උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමේ තීරණය සම්බන්ධයෙන් සියලු ගුරුවරුන් දැනුවත් කර, ඔවුන් දැනුවත් වූ බවට සහතික ලබා ගත යුතු බව ද, එම චක්‍රලේඛයේ දැක්වේ.

අදාළ උපදෙස් නොසළකා හරින ගුරුවරුන් සම්බන්ධයෙන් විනයානූකූලව කටයුතු කරන බව, ලේකම්වරිය අවධාරණය කළේය.

එවැනි තහනමක් පළමුව පැනවූයේ සබරගමුව පළාත තුළයි.

අනතුරුව, මධ්‍යම පළාත් සභාව ද එම තහනම ක්‍රියාත්මක කළේ ය.

COMMENTS