ගුරු සේවයට බඳවා ගැනීමට අයදුම්පත් කැඳවේ

ගුරු සේවයට බඳවා ගැනීමට අයදුම්පත් කැඳවේ

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වල 2020 / 2022 වර්ෂ වල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ලබාදීම සඳහා වන තොරතුරු රැස්කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට නියමිත බවයි එහි සඳහන් ව ඇත්තේ.

ඒ අනුව teacher.moe.gov.lk ඔස්සේ එහි ඇති උපදෙස් පරිදි ඊයේ (20) දින සිට එළැඹෙන (28) දින දක්වා එම ශික්ෂණලාභීන්ට ‍මේ සඳහා අයදුම් කළ හැකි බවද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබා ගත හැකි බවද අමාත්‍යංශ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.