18ට වැඩි අය බදු අංකයක් ලබා ගන්නේ මෙහෙමයි

18ට වැඩි අය බදු අංකයක් ලබා ගන්නේ මෙහෙමයි

වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් බදු අංක සඳහා ලියාපදිංචි කරවීම මේ වනවිට ආරම්භ කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඔන්ලයින් ලියාපදිංචිය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ www.ird.gov.lk වෙබ් අඩවියට පිවිසිය හැකි අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් ද ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම් කළ හැකි බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

තක්සේරු වර්ෂයක් සඳහා රුපියල් 1,200,000කට වැඩි ආදායමක් ලබන ඕනෑම පුද්ගලයෙකු බදු ගොනුවක් විවෘත කළ යුතු වේ.

එහිදී තක්සේරු වර්ෂයක් ලෙස සැලකෙන්නේ, වසරක අප්‍රේල් මස පළමුවැනිදා සිට ඊළඟ වසරේ මාර්තු 31 දක්වා වන කාලයයි.

බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් ලබා නොගතහොත් රුපියල් 50,000ක දඩයකට යටත් කෙරෙන බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසීය.

මෙලෙස ලියාපදිංචිය ලබා නොගන්නා පුද්ගලයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරන බවටයි වාර්තා වන්නේ.

2024 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි සහ 2024 ජනවාරි 01 හෝ ඊට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන ඕනෑම පුද්ගලයකු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් ලබා ගැනීම අනිවාර්ය වේ.

ලියාපදිංචි වීමට මෙතැනින් පිවිසෙන්න

Share This