විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද

විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (29) පැවැත්වෙයි.

ඒ, ප්‍රබල ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතරයි.

තරගය බටහිර ඉන්දීය කොදෙව්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගනයේදී මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතයි.

මූලික වටයේ ඒ කාණ්ඩය යටතේ ඉන්දියාව අපරාජිතව සුපිරි අටදෙනාගේ වටයට සුදුසුකම් ලැබූ අතර ඩී කාණ්ඩය යටතේ තරග වැදුණු දකුණු අප්‍රිකාව ද අපරාජිතව සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය.

ඒ අනුව, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දකුණු අප්‍රිකා කණ්ඩායම අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලද ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

Share This

COMMENTS