දැඩි ආරක්ෂක රැකවල් මැද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

දැඩි ආරක්ෂක රැකවල් මැද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

2024 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන දිවයිනට පැමිණියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් සිදු වූ වැරදි සහ ඔවුන් හරියට ක්‍රීඩා නොකළ නිසා මෙම විස්සයි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බවත් තමන් කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩකයෙකු වශයෙන් ඒ පිළිබඳව ගොඩක් කනගාටු වන බවත් වනිදු හසරංග කටුනායක ගුවන් තොටුපළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වනිදු හසරංග පැවැසූවේ,

ක්‍රීඩකයින් විදිහට අපි දන්නවා අපි අතින් සිදු වූ වැරදි මොනවාද කියලා. අපි ක්‍රීඩකයෝ වශයෙන් හොදින් ක්‍රීඩා නොකළ නිසා, පිතිකරණය, පන්දු රැකීම සහ පන්දු යැවීම කණ්ඩායමක් වශයෙන් හොදින් සිදු නොකළ නිසා මේ ආකාරයට පරාජය වැළද ගැනීමට සිදු වුණා.

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන 08.40 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් වෙනදා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට පැමිණිය ද, අද ඒ වෙනුවට මුදල් ගෙවා පහසුකම් සළසා ගත යුතු “සිල්ක් රූට්” පර්යන්තය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණීමට කටයුතු කර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළත්, ඉන් පිටත ප්‍රදේශයේත් විශේෂ දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි.

 

Share This