T 20 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පිළ මුහුණ දෙන පළමු පුහුණු තරඟය අද

T 20 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පිළ මුහුණ දෙන පළමු පුහුණු තරඟය අද

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරගය අද (28) පැවැත්වේ

නෙදර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතය.

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සත්කාරකත්වයෙන් පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාව එහි මූලික වටයේදී තරග කරන්නේ ඩී. කාණ්ඩයෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්තය අතර පුහුණු තරගය අමෙරිකාවේ ලවුඩර්හිල්හිදී පැවැත්වේ.

 

Share This