උසස් පෙළ ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

උසස් පෙළ ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය ඉදිරි දින කිහිපය තුළ විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (03) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය දා පාර්ලිමේන්තුව තුළ දී පැවසුවේ උසස් පෙළ සිසුන්ට සාධාරණයක් ඉෂ්ට කිරීම සඳහා විභාගය කල් දැමීමට තීරණය කළ බවය.

ඒ අනුව විභාග කොමසාරිස්වරයා විසින් ඉදිරි දින කිහිපය තුළදී අදාළ දින ප්‍රකාශයට පත් කරන බව අමාත්‍යවරයා පැවසීය.

Share This