ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

කලක පටන් පිළිකා රෝගයෙන් පෙළුණු ඒ මහත්මිය මියයන විට 61 වැනි වියේ පසුවිය.

1986 වසරේ සිට මෙරට කළා නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබාදුන් ඇය ටෙලිනාට්‍ය මෙන්ම සිනමා නිර්මාණවලින් රසික හදවත් දිනාගැනීමට සමත් විය.

මතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ගිරිකුල, කන්දේ ගෙදර ආදී ටෙලි නාට්‍ය රැසකට සුසන්තා චාන්ද්‍රමාලි මහත්මිය රංගනයෙන් දායක වී තිබේ.

ඊට අමතරව ඇය සරෝජා, රන්කෙවිට, ප්‍රවේගය ආදී චිත්‍රපට රැසකටද රංගනයෙන් දායක වී ඇත.

ඇයගේ මංගල සිනමා අත්දැකීමවන්නේ 2000 වසරේ සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද සරෝජා චිත්‍රපටයයි.

එක්දරු මවක්වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය යොවුන් රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකාගේ මවයි.