ජේ. ආර්. පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු, දේශපාලන විචාරකයෙකු මෙන්ම ගත් කතුවරයෙකුද වූ ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කලක පටන් අසනීප තත්ත්වයෙන් පසුවූ ඒ මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අද (02) පෙරවරුවේ
මියගිය බවයි, වාර්තා වන්නේ.
1928 ජූනි 8වනදා උපත ලැබූ ඒ මහතා මිය යනවිට 96 වැනි වියේ පසුවිය.
ජනමාධ්‍ය ඇතුලු විවිධ වැඩසටහන් සඳහා සම්පත් දායකයෙකු ලෙසද සහභාගී වූ ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා එම වැඩසටහන් ඔස්සේ සමාජය දැනුමෙන් පෝෂණය කිරීමට දායකත්වය දැක්වූ අයෙකි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා කලක් මෙරට පාර්ලිමේන්තුවේ ද කැපී පෙනෙන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.
ඔහු කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) ප්‍රධාන සංවිධායකවරයා ලෙස කලක් කටයුතු කළේය.