වහාම ක්‍රියාත්මක වන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් ගුණසිරිගේ සේවය අවසන් කෙරේ

වහාම ක්‍රියාත්මක වන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් ගුණසිරිගේ සේවය අවසන් කෙරේ

සුරා බදු කොමසාරිස් ජනරාල් වශයෙන් කොන්ත්‍රාත් පදනම මත සේවය කරනු ලබන ජේ.එම් ගුණසිරි මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව, එම තනතුරේ වැඩ බැලීම සඳහා ජනාධිපති කාර්යාලයේ ජනාධිපති අතිරේක ලේකම් (ආයතන සම්බන්ධීකරණ 11) වශයෙන් දැනට සේවය කරනු ලබන දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යු. ඩී. එන්. ජයවීර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර ඇත.