සුරාබදු ආදායම රුපියල් බිලියන 200 ඉක්මවයි

සුරාබදු ආදායම රුපියල් බිලියන 200 ඉක්මවයි

මෙම වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 232ක් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එම අදායම පසුගිය නොවැම්බර් 30 වැනිදා වන විට රැස් කිරීමට සමත් වූ බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ වසර 120ක ඉතිහාසය තුළ බිලියන 200 ඉක්මවූ ආදායමක් ලබාගැනීමට සමත්වූ ප්‍රථම අවස්ථාව මෙය බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

එසේම මෙම ආදායම උපයා ඇත්තේ, මත්පැන් නිශ්පාදනය මත සුරාබදු වශයෙන් සහ දුම්කොළ බදු පනත යටතේ බදු වශයෙන් බව සඳහන්වෙයි.

එම දෙපාර්තමේන්තුවේ දැනට විශාල මානව සම්පත් හිඟයක් පවතින අවස්ථාවකදී මෙවැනි ආදායම් ඉලක්කයක් වෙත ළඟා වීම විශේෂත්වයක් බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.