ශ්‍රී ලංකාව සුපිරි 06දෙනාගේ වටයේ පළමු ජය ලබයි

ශ්‍රී ලංකාව සුපිරි 06දෙනාගේ වටයේ පළමු ජය ලබයි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් නෙදර්ලන්තය පරදා ලකුණු 21ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (30) සමත් විය.

බුලවායෝ හීදි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 04ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 213ක් ලබා ගත්තේය.

ඒ අනුව, ලකුණු 214ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 40ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 192 ක් පමණයි.

Share This