සුමන්තිරන් ගමන්ගත් රථය අනතුරකට ලක්වෙයි

සුමන්තිරන් ගමන්ගත් රථය අනතුරකට ලක්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ගමන්ගත් රථය කිලිනොච්චිය ප්‍රදේශයේදී ඊයේ (27) පස්වරුවේ අනතුරට ලක්ව තිබේ.

කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් මන්ත්‍රීවරයාගේ රථය කිලිනොච්චිය 155 කිලෝමීටර කණුව ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටී ඇති බව පොලීසිය සදහන් කළේය.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, මන්ත්‍රීවරයාගේ වාහනයේ ඉදිරිපස කොටසකට සුළු හානියක් සිදුව ඇති බවද පොලීසිය පැවසීය.