මගුල් ගෙදර යන්න අවසර නොදුන්නැයි දුකට සිසුවිය දිවි නසාගනී

මගුල් ගෙදර යන්න අවසර නොදුන්නැයි දුකට සිසුවිය දිවි නසාගනී

මව විසින් මගුල් ගෙදර ගමන නැවැත්වූ 13 හැවිරිදි සිසුවියකගේ සිරුර නාන කාමරයේ එල්ලෙමින් තිබියදී සොයා ගෙන ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ වේයන්ගල්ල පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවියක් වන අතර ඇය අළුත්ගම, අටළුගම ප්‍රදේශයේ නේවාසිකාගාරයක සිට එම ප්‍රදේශයේ පාසලක අධ්‍යාපන කටයුතු සිදු කරයි.

නේවාසිකාගාරයේ සිට ඇය ⁣ඊයේ (07) තම නිවසට පැමිණ තිබේ.

නිවසට පැමිණි සිසුවිය එළඹෙන දිනක පැවැත්වීමට නියමිත මගුල් ගෙදරකට තමන්ද සහභාගිවීමට අවශ්‍ය බව තම මවට පවසා තිබේ.

ඒ සඳහා, දියණිය සහභාගී වීම අවශ්‍ය නොවන බවත් තම නේවාසිකාගාරයට ගොස් එදිනට පාසල් යාමට සූදානම් වන ලෙසත් මව විසින් තම දියණියට අවවාද කර තිබේ.

පසුව පාසල් සිසුවිය මෙදින රාත්‍රි නාන කාමරයට ගොස් පැමිණීම ප්‍රමාද වූ නිසා නිවැසියන් නාන කාමරයේ දොර කඩා බලද්දි සිසුවිය එහි එල්ලෙමින් සිටියදී සොයාගෙන ඇත.

 

Share This