ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ සුගතපාල සෙනරත් යාපා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1935 නොවැම්බර් 10 වැනි දින අකුරැස්ස, එරළුව දී ඒ මහතා උපත ලබා තිබේ.

කලක් රෝගාතුරව සිටි එතුමන් ජීවිතක්ෂයට පත්වන විට වයස අවුරුදු 89ක්.

හන්තානේ කතාව,සාමා,දස්කොන් සහ පෙම්බර මධු යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඔහු පෙම්බර මධු චිත්‍රපටයේ තිරනාටක රචකයාද විය.

රක්වාන මහා විද්‍යාලයෙන් සහ ගන්කන්ද මධ්‍ය විද්‍යාලවලින් මූලික අධ්‍යාපන ලැබූ ඒ මහතා පාසල් කාලයේ සිටම කලාවට දැඩි ඇල්මක් දැක්වීය.

ඒ හේතුවෙන්ම වේදිකා නාට්‍ය රංගනයට එක්වූ සුගතපාල සෙනරත් යාපා මහතා වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයට ද පිවිසුනා.

මෙම සුවිශේෂී කලාකරුවා සාමා චිත්‍රපටයේ රංගනය තුළින් සිනමාවට ප්‍රවිශ්ඨ වන අතර ඔහු අතින් නිර්මාණය වූ හන්තානේ කතාව සිනමාපටය සිනමා ක්ෂේත්‍ර යේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළා.

විජයකුමාරතුංග, අමරසිරි කලංසූරිය වැනි අති දක්ෂ රංගන ශිල්පීන් සිනමාවට අත්පොත් තබන්නේද එම සිනමාපටය තුළිනුයි.

එතැන් සිට චිත්‍රපට රැසකට දායකත්වය ලබා දෙමින් ඒ මහතා සිනමා ක්ෂේත්‍රයට නවකයන් හදුන්වාදීමට ද වැඩි දායකත්වයක් ලබා දුන්නා.

ඔහු 1965 වසරේ නිෂ්පාදනය කරන ලද ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත්‍රපටය වෙනුවෙන් ඉන්දීය ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලේදී රජත මයුර සම්මානයට පාත්‍ර වුණා.