විශේෂ අවශ්‍යතා සහිත අයෙක් මලිමාවේ ජාතික ලැයිස්තුවට

විශේෂ අවශ්‍යතා සහිත අයෙක් මලිමාවේ ජාතික ලැයිස්තුවට

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී කවුන්සිලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය විසින් ඔවුන්ගේ ජාතික ලැයිස්තුවට නම්කර ඇත.

සමාජ ක්‍රියාකාරිකයකු වන සුගත් වසන්ත ද සිල්වා පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතාට සහාය පළකළේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලැබු සුගත් වසන්ත ද සිල්වා පොතපත කියවන හොඳ සාහිත්‍ය රසිකයෙක් මෙන්ම තියුණු චින්තකයෙකි.

ඔහු දශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් විශාල සේවයක් කළ කෙනෙක් ද වනවා.