පා:මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ සහය සජිත්ට

පා:මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ සහය සජිත්ට

ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය සහය ලබා දීමට තීරණය කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩ නැගීමේ ගමනට සහාය පළ කිරීමේ අරමුණින් තමන් සමගි ජන බලවේගය හා එක්වූ බව ඇය සඳහන් කළේය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඇය මෙලෙස සමගි ජන බලවේගය හා එක්විය.

කීර්තිමත් දේශපාලනඥයකු වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ බිරිඳ වන ඇය නියෝජ්‍ය අමාත්‍ය ධුර රැසක්ම දරා ඇති අතර පසුගිය රජය යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයේද කටයුතු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ජලනි ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.