ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්වයක්
රත්මලානේ පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවත්වුණා.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අදායම් සහකාර ස්වාධීන වෘත්තීය සමිතියේ සාමාජිකයින් විසින් අද (08) දහවල් මෙම විරෝධතාව පවත්වනු ලැබුවා.
ඉල්ලීම් කිහිපයක් මූලික කරගනිමින් මෙම වෘත්තීය සමිතියේ සාමාජිකයින්, මෙම විරෝධතාවයේ නිරත වූ අතර, එහි දී උණුසුම් තත්ත්වයක් ද හටගත් බව වාර්තා වනවා.
පාරිභෝගිකයින් වෙත ජල බිල්පත් නිකුත් කිරීම යළි ආරම්භ කිරීම, වැඩි කළ නිල ඇඳුම් දීමනාව ලබාදීම, අභ්‍යන්තර උසස්වීම් කඩිනම් කිරීම, ගිලව් නිවාඩු සඳහා කොන්දේසි පැනවීම වහා නතර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්වුනු බවයි වාර්තා වන්නේ.