ගුරුවරු හා විදුහල්පතිවරු අද අසනීපෙන්

ගුරුවරු හා විදුහල්පතිවරු අද අසනීපෙන්

අද (30) දිනයේ ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති කීපයක් රට පුරා පාසල්වල ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වැටුප් විෂමතා ගැටලුව මුල් කර ගනිමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි ගුරු විදුහල්පති වැටුල් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු වන පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ.

කෙසේ නමුත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, අද සහ හෙට සියලු‍ම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි.

මේ අතර වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනයට අදට දින 29 ක්.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ, වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යන කටයුතු අඩාල වී ඇති බවයි.

අනධ්‍යන සේවකයින් මෙම වැඩවර්ජනය ආරම්භ කළේ, එකඟ වූ මාසික හිලව් දීමනාව සහ 2016 වසරේ කප්පාදු කළ 15%ක වැටුප ලබා දීම ඇතුළු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන්නැයි රජයට බලකරමින්.

Share This