වාහනවල අලවා ඇති ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන්නැයි මැතිවරණ කොමිසමෙන් නියෝග

වාහනවල අලවා ඇති ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන්නැයි මැතිවරණ කොමිසමෙන් නියෝග

එක් එක් අපේක්ෂකයින් හා පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයෙන් වාහනවල අලවා ඇති සියළුම ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

ඒ අනුව, පෞද්ගලික බස්, ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල අලවා ඇති සියළුම ප්‍රවර්ධන ස්ටිකර් ගලවා ඉවත් කළ යුතුයි.

මේ සම්බන්ධයෙන් සෑම පොලිස් බල ප්‍රදේශයක්ම ආවරණයවන පරිදි හදිසි පරික්ෂා කිරීම් සිදු කිරීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල ජනාධිපති අපේක්ෂකයින් සහ පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ සලකුණු, ඡායාරූප ඇතුළත් ස්ටිකර්, කොඩි යනාදිය ප්‍රදර්ශනය කිරීම පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.