පුරාවස්තු මංකොල්ල කරුවන් කොටු කළ STF මෙහෙයුම

පුරාවස්තු මංකොල්ල කරුවන් කොටු කළ STF මෙහෙයුම

වීරවිල ශ්‍රී සම්බෝධි පුරාණ විහාරයේ පුරාවස්තු කැණිම් කරමින් සිටි පුද්ගලයින් 06 දෙනකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී වෑවිටවිධාන මහතාගේ අධීක්ෂණයෙන් හම්බන්තොට කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යු.ජි.එස්. පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.06.13 වන දින වීරවිල පොලිස් වසමේ ශ්‍රී සම්බෝධි විහාරය, ගල්කන්ද, සිංහපුර, වීරවිල ස්ථානයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී නිත්‍යානුකූලව අවසරයක් නොමැතිව පුරාවස්තු කැණිම් කරමින් සිටි නොටාල්පිටිය, කෑගල්ල, බංඩාරගම, විරවිල, කොස්ගමුව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 46 සහ 59 අතර පසුවල පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන පුරාවස්තු කැණිම් කිරීමට භාවිතා කල පුජා භාණ්ඩද සමග වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වීරවිල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.‍

මෙම විහාරස්ථානයේ හිමිනමද මෙ වන විට විහාරස්ථානය හැර ගොස් ඇති අතර මිට පෙර අවස්ථාවන් හිදීද මෙම විහාරස්ථානයේ නිදන් හෑරීම සිදුකර ඇත.

Share This