සම්මාදන් වලට නොරැවටෙන්නැයි ශ්‍රී පාදස්ථානාධිපති හිමිගෙන් ඉල්ලීමක්

සම්මාදන් වලට නොරැවටෙන්නැයි ශ්‍රී පාදස්ථානාධිපති හිමිගෙන් ඉල්ලීමක්

උදුවප් මස පුන් පොහෝ දිනෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා සමයේ දී පැමිණෙන සියලුදෙනා පරිසරය සුරක්ෂිතව තබා ගනිමින් විනීතව හැසිරිය යුතු බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ සඳහන් කළා.

ජනතාවට අසත්‍ය ප්‍රකාශ කරමින් එක් සංවිධානයක් ඔවුන්ගෙන් මුදල් එකතු කිරීමටද කටයුතු කර ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා.

ඒ අනුව සම්මාදන් වලට නොරැවටෙන ලෙසත් ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ සඳහන් කළා.