
ශ්‍රී පාද රක්ෂිතයේ හදිසි ගින්නක්
ශ්‍රීපාද රක්ෂිතයට අයත් නල්ලතන්නිය හැමිල්ටන් රක්ෂිතයේ ඊයේ (23) පස්වරුවේ සිට ඇතිවූ හදිසි ගින්නකින් අක්කර සිය ගණනක් විනාශයට පත් වෙමින් පවතින බව පොලිසිය සඳහන් කරයි.
පවතින දැඩි වියලි කාලගුණය සහ සුළං තත්ත්වයත් සමග මේ වන විට ගින්න සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් ගින්න නිවා දැමීම අසීරු වී ඇති බවත් ගින්න සම්බන්ධව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයට දැනුම් දී ඇති බවත් නල්ලතන්නිය පොලිසිය පැවසීය.
ඒ අනුව, පැතිර යමින් පවතින ගින්න පාලනය කිරිමට නොහැකි වුවහොත් ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ සහය ලබා ගැනිමට කටයුතු කරන බවද හැටන් වන අඩවි ආරක්ෂක වි.ජේ.රුක්ෂාන් මහතා පැවසිය.
ගින්න පාලනය කිරිමට තම කාර්යාලයේ නිලධාරින් සහ යුධ හමුදා භට පිරිස් එක්ව පියවර ගනිමින් සිටින බවද වන අඩවි ආරක්ෂකවරයා පැවසිය.
කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට නල්ලතන්නිය පොලිසිය සැකකරයි.
මෙසේ රක්ෂිත වලට ගිනි තබන පුද්ගලයන් පිලිබදව තොරතුරු වෙතොත් ළගම ඇති පොලිස් ස්ථානය හෝ තම කාර්යාලය දැනුවත් කරන ලෙසට වන අඩවි ආරක්ෂක නිලධාරින් ඉල්ලා සිටියි.

