ශ්‍රී ලංකන් ගුවන් සමාගම වලපල්ලට ඇද දැමූ අයට වෙන දේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වලපල්ලට ඇද දැමූ අයට වෙන දේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලබන තත්ත්වයට පත්කළ පුද්ගලයින්ට නිසි දඩුවම් දැනට ජාත්‍යන්තර සහ දේශීය අධිකරණවල විභාග වන නඩු විභාග තුළින් ලැබෙනු ඇතැයි මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලබා ඇත්තේ ගුවන් ගමන් මෙහෙයුම් නිසා නොව ගුවන් යානා වෙළෙඳ පොළ වටිනාකමට වඩා අසීමිත කල්බදු ණය මුදලකට ලබා ගැනීම,ගුවන් යානා එන්ජින් නඩත්තු කරන විදේශ සමාගම් සඳහා විශාල මුදලක් ගෙවීමට සිදුවීම සහ ගුවන් සමාගමේ හිටපු බලධාරීන් විසින් සිදුකර ඇති දූෂණ වංචා සම්බන්ධව ජාත්‍යන්තර සහ දේශීය අධිකරණ පවතින නඩු විභාග නිසා යැයිද නි.අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙලෙස ලබාගෙන ඇති ගුවන් යානා සඳහා මසකට ඩොලර් ලක්ෂ 09ක පමණ ණය වාරික ගෙවීමට සිදුව ඇතැයිද කීවේය.