ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද

ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (09) නවසීලන්තය සමග පැවැත්වේ.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 02ට බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

අද තරගය නවසීලන්තයේ ද අවසන් තරගය වන අතර මෙම තරගය දෙපාර්ශවයටම වැදගත් බවයි, ක්‍රිකට් විචාරකයින් ප්‍රකාශ කළේ.

නවසිලන්තය මෙම තරගය ජයග්‍රහණය කළහොත් ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකියාව පවතින අතර ශ්‍රී ලංකාව තරගය ජයගතහොත් 2025 වසරේ පැවැත්වෙන අයිසීසී ශූරයන්ගේ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට හැකි වනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.

මේ වනවිට නවසීලන්ත කණ්ඩායම ක්‍රීඩා කළ තරග 08න් තරග 04ක් ජයගෙන තිබේ.

ඒ අනුව, ඔවුන් ප්‍රසාද ලකුණු 08ක් හිමිකරගෙන ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවෙයි.

නමුත් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු පුවරුවේ හිමි ව ඇත්තේ 09 වැනි ස්ථානයයි.

ඒ ඔවුන් මුහුණ දුන් තරග 08න් 06ක් ම පරාජයට පත්වීම හේතුවෙන්.