ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සංචාරක ඉන්දිය කණ්ඩායම ලකුණු 32කින් පරාජය කරමින් දෙරට අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති දෙවැනි එක්දින තරගය ජයගැනිමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව, තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවෙයි.

පළමු තරගය ලකුණු සම වීමෙන් අවසන් විය.

මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 240ක් රැස් කළ අතර පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 208ක් පමණි.

ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 6ක් දවා ගැනිමට සමත්විය. නායක චරිත් අසලංක කඩුලු 3ක් දවා ගත්තේය.